28.4 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්පෙති ජාවාරමේ යෙදුණු වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

මත්පෙති ජාවාරමේ යෙදුණු වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

මත්පෙති ජාවාරමේ යෙදෙමින් සිටි පේරාදෙණිය ළමා රෝහලේ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇත්ගාල පොලිසිය විසින් ඊයේ (13) රාත්‍රියේ ගම්පොළ ජයමාලපුර ප්‍රදේශයේදී යි මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

වෛද්‍යවරයා සමඟ මෝටර් රථය ද අත්අඩංගුවට ගෙන ඇති අතර
ඔහු කාලයක් තිස්සේ තැ‍රැව්කරුවන් මාර්ගයෙන් ගම්පොළ ඇතුළු අවට ප්‍රදේශ තුළ මත්පෙති ජාවාරමේ යෙදී ඇති බවයි පොලීසිය පවසන්නී.

මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීද එවැනි අයෙකුට රුපියල් එක්ලක්ෂ හැටදහසක මත්පෙති තොගයක් ලබාදෙමින් සිට තිබෙනවා.

ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි මෙම වෛද්‍යවරයා රෝහල් වෛද්‍ය සේවාවට අමතරව ප්‍රදේශ කිහිපයක වෛද්‍ය මධ්‍යස්ථානද පවත්වාගෙන යමින් ඒ හරහාද මෙම ජාවාරමේ නිරතව තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

මොහුගෙන් මත්පෙති ලබාගෙන විවිධ ප්‍රදේශවල ජාවාරමේ යෙදෙන පිරිසට මෙම වෛද්‍යවරයා හොර රහසේ රාත්‍රී කාලයේ මෝටර් රථයෙන් ගොස් මෙම මත් පෙති අලෙවි කිරීම සිදුකර තිබේ.

ඇත්ගාල පොලිසිය විසින් උපාය දූතයෙකු යොදවා වෛද්‍යවරයාගෙන් මත්පෙති ලබා ගැනීමට කටයුතු යොදා මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම වෛද්‍යවරයා එවැනි අධිමාත්‍රා සහිත මත්පෙති 1600ක් අඩංගු ඇසුරුම් 16ක් රැගෙන ඔහුගේ මෝටර් රථයෙන් පේරාදෙණියේ සිට ගම්පොල, ජයමාලපුර ප්‍රදේශයට පැමිණ සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම වෛද්‍යවරයා හා මෝටර් රථය අද (14) ගම්පොල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.