26.7 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෝදර වෙඩි තැබීමක්

මෝදර වෙඩි තැබීමක්

මෝදර පොලිස් වසමේ, මෝදර වීදිය ප්‍රදේශයේදී ඊයේ (13) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 51 හැවිරිදි මහවත්ත පටුමග, කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

තුවාලකරු මෝදර වීදිය ප්‍රදේශයේ පිහිටි අවන්හලක කළමනාකරු වශයෙන් සේවය කරන අතර, මොහු එම අවන්හලේ ගේට්ටුව ආසන්නයේ සිටිය දී කාර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් විසින් මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

පොලිසිය සැකකරනු ලබන්නේ මෙම වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් භාවිතා කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෝදර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.