― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsරට ගොඩගන්න පුළුවන් එකම නායකයා රනිල් විතරයි

රට ගොඩගන්න පුළුවන් එකම නායකයා රනිල් විතරයි

පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා හැකියාව ඇති එකම නායකයා රනිල් වික්‍රමසිංහ බවත් ඉදිරි ජනාධිපතිවරණයේ දී තම සහය ජනාධිපතිවරයාට ලබාදෙන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (14) මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පක්ෂයක් ලෙස ගන්නා තීරණය දෙවැනි තැනට දමා රට ගැන සිතා තමන් ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ දිනවීමට කටයුතු කරන බවයි.

ජනතා විමුක්ති පෙරමුණ ඔවුන් අවසන් වරට ඉදිරිපත් වූ ජනපතිවරණයේ දී ලබා ගත්තේ ඡන්ද ලක්ෂ 05 ක් බවත් එම ඡන්ද පදනම 100 % කින් වැඩිකර ගතහොත් ඔවුන්ට හිමි වන්නේ ඡන්ද ලක්ෂ 10 ක් බවත් කී අමාත්‍යවරයා අවධාරණය කළේ ලක්ෂ 50ක ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට නම් ඔවුන් 1000 % කින් ඡන්ද ප්‍රමාණය වැඩිකර ගත යුතු බවයි.

ඉතිහාසයේ කිසිදු පක්ෂයක් ඒ ආකාරයෙන් 1000 % කින් ඡන්ද පදනම වැඩි කරගෙන නොමැති බවත් අවසන් වරට පැවැති ජනාධිපතිවරණයේ දී පරාජය වූ සජිත් ප්‍රේමදාස ද ඡන්ද ලක්ෂ 56 ක් ලබාගත් බව අමතක නොකළ යුතු බවත් හෙතෙම එහිදී සඳහන් කළේය.

රට ආර්ථික වශයෙන් දැඩි අර්බුදයකට ලක්ව තිබියදී පෙරට පැමිණ රට ගොඩ ගැනීමේ අභියෝගයට මුහුණ දීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවූ අවස්ථාවක පාර්ලිමේන්තුවේ තනි ආසනයක් පමණක් තිබිය දී රනිල් වික්‍රමසිංහ අභියෝගය බාර ගනිමින් මේ වනවිට රටට විශාල සාර්ථකත්වයක් අත්කර දී ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

එමෙන්ම මැතිවරණ කල් දැමීමේ වුවමනාවක් ආණ්ඩුවට නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ නියමිත පරිදි මේ වසරේදී ජනාපතිවරණයත් ලබන වසරේ දී පාර්ලිමේන්තු මැතිවරණයත් පවත්වන බවයි.