32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරෝහල් කටයුතු තවදුරටත් යුද හමුදාව යටතට

රෝහල් කටයුතු තවදුරටත් යුද හමුදාව යටතට

රජයේ රෝහල්වල සෞඛ්‍ය වෘත්තීය සමිති ඊයේ (13) ආරම්භ කරනු ලැබූ වැඩ වර්ජනය අද දෙවැනි දිනටත් අඛණ්ඩව පැවැත්වෙනවා.

මේ හේතුවෙන් අඩාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑම සඳහා යොදවනු ලැබු යුද්ධ හමුදා භට පිරිස් තවදුරටත් ඒ සඳහා යෙදවීමට යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව දැනට බටහිර, මධ්‍යම, නැගෙනහිර සහ වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්ගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ කොළඹ සහ මහනුවර ජාතික රෝහල් කලුබෝවිල, කරාපිටිය, මහමෝදර, පේරාදෙණිය, අනුරාධපුර සහ කුරුණෑගල ශික්ෂණ රෝහල් ද අක්‍ෂි රෝහල කොළඹ, මාතලේ, පොලොන්නරුව, මැදිරිගිරිය, හිගුරක්ගොඩ, මඩකලපුව, දෙහිඅත්තකණ්ඩිය, හම්බන්තොට, දෙබරවැව, රත්නපුර, බලංගොඩ, ඇහැළියගොඩ, නාවලපිටිය, බදුල්ල, ඇල්පිටිය, හෝමාගම සහ කෑගල්ල ඇතුළු රෝහල් 64 ක දෛනික කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා යුද්ධ හමුදාවේ 1100 ක භට පිරිසක් තවදුරටත් යොදවා තිබෙනවා.

ඉදිරියේදි ඇති වන අවශ්‍යතා මත ඒ සඳහා යෙදවීම පිණිස අවශ්‍ය භට පිරිස් සූදානමින් තබන ලෙසත්, වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මහජනතාවට සිදුවිය හැකි පීඩාකාරී තත්වයන් මගහරවා ගනිමින් සිය දෛනික කටයුතු කිසිදු බාධාවකින් තොරව සමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකි සියලු පියවර ගන්නා ලෙසත් යුද්ධ හමුදාපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.