30.6 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසැඩ පහරට හසු වූ ජීවිත 05ක් බේරාගැනේ

සැඩ පහරට හසු වූ ජීවිත 05ක් බේරාගැනේ

සැඩ පහරට හසුව ගසාගෙන ගිය පස් දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට පානදුර පොලිස් සහ නාවික ජීවිත ආරක්ෂක නිළධාරීන් සමත්ව තිබෙනවා.

ඊයේ (13) සවස පානදුර මුහුදේ සැඩ පහරට හසුව ගසාගෙන ගිය ගැහැනු ළමුන් දෙදෙනෙකු, කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුළු ඇතුළු පස් දෙනෙකුගේ ජීවිතයි මෙලෙස බේරාගෙන ඇත්තේ.

කිදෙල්පිටිය, මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි තරිඳු ධනංජය (23), කවීෂා සෙව්වන්දි (17), කල්පනා දේවින්දි (14), සඳරු රෂ්මික (12) සහ විහඟ කවිෂ්ක (09) නමැති අයවලුන්ගේ ජීවිත මෙලෙස බේරාගත් බවයි පොලීසිය පවසන්නේ.

මොවුන් පස්දෙනා වැඩිහිටි යුවළක් සමඟ ඊයෙ (13) පානදුර වෙරළට පැමිණ විනෝද වී දියනාමින් සිට තිබෙනවා. කෙසේනමුත් හදිසියේම ආ රළ පහරකට හසුව ඔවුන් කෙමෙන් කෙමෙන් දියඹ දෙසට ඇදී ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුව ඔවුන් උදව් ඉල්ලා කෑ ගසා ඇති අතර ඒ ආසන්නයේ සිටි පොලිස් සහ නාවික ජීවිත ආරක්ෂක නිළධාරීන් දෙදෙනෙකු දියඹට පැන ඔවුන්ගේ දිවි බේරාගෙන තිබෙනවා.