මෙරටින් පළා ගිය අපරාධකරුවන් 42කට ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (15) කොළඹ ජාතික රෝහල ඉදිරිපිට නව පොලිස් මුරපොළක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින් කියා සිටියේ පාතාල සහ මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන් 42 කට මෙලෙස රතු නිවේදන නිකුත් කර ඇති බවයි.
ඉදිරියේදී ජාත්‍යන්තර පොලීසියේ සහාය ඇතිව මෙම අපරාධකරුවන් මෙරටට ගෙන්වීමට නියමිතය.