29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅපරාධයකට සැරසුණු අයෙක් ගිනිඅවිය සමඟ අත්අඩංගුවට

අපරාධයකට සැරසුණු අයෙක් ගිනිඅවිය සමඟ අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත T56 උණ්ඩ යෙදිය හැකි නීතිවිරෝධී කටස් වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාතමක යුක්තිය මෙහෙයුම යටතේයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

ඒ අනුව ඊයේ (14) ඇල්පිටිය පොලිස් වසමේ දියකිතුල්කන්ද, තල්ගස්වල, ඇල්පිටිය ලිපිනයේදී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී මෙරට නිෂ්පාදිත T56 උණ්ඩ යෙදිය හැකි නීති විරෝධී කටස් වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි 38 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තල්ගස්වල, ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු ඇල්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.