29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනාමල්ට එරෙහි නඩුවක් කල් යයි

නාමල්ට එරෙහි නඩුවක් කල් යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව අද (15) කැඳවනු ලැබූ පැමිණිල්ලක් සැප්තැම්බර් 05 වැනිදා දක්වා කල් ගොස් තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්. ආර්. කන්සල්ටන්ට් නමැති සමාගමක ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි කියන පැමිණිල්ලයි මෙලෙස කල් ගොස් ඇත්තේ.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී විමර්ශන සිදුකළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළව ඉදිරි කටයුතු සඳහා නීතිපති උපදෙස් පතා ඇති බවත් එම උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවත්ය.

ඒ අනුව අදාළ පැමිණිල්ල ලබන සැප්තැම්බර් මස 05 වැනිදා යළි කැඳවන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.