29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපිය පුතු දෙපළ වස පානය කර අවසන් ගමන් යයි

පිය පුතු දෙපළ වස පානය කර අවසන් ගමන් යයි

වස පානය කර පිය පුතු දෙපළක් මියයාමේ පුවතක් අගුණකොළපැලැස්ස ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ අගුණකොළපැලැස්ස, මුරවැසිහේන ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පියෙකු සහ 25 හැවිරිදි පුතෙකු බවයි අප වාර්තාකරු පැවසුවේ.

පොලිස් පරීක්ෂනවලදී අනාවරණය වී ඇත්තේ මොවුන් දෙදෙනා ඊයේ (14) සවස 6.30 ට පමණ වස පානය කර ඇති බවයි.

මෙලෙස මියගිය ගයාන් ඉදුනිල් අබේසේකර නම් පුත්‍රයා කුඩා කාලයේ සිටම මානසික ආබාධයකින් පෙලී ඇති අතර රෝගයට ප්‍රතිකාර ලබා කරාපිටිය රෝහලේ සිට පෙරේදා (13) පියා විසින් ඔහු නිවසට කැඳවාගෙන විත් තිබෙනවා.

මියගිය පියා සහ පුතා පමණක් ඊයේ සවස සිය නිවසේ සිට ඇති අතර මව සහ සහෝදරයාත්, සහෝදරියත් බෝධි පූජාවක් සඳහා පන්සලට ගොස් සිටියදීයි මෙම සිද්ධිය සිදු වී ඇත්තේ.

ප්‍රදේශවාසීන් විසින් මොවුන් රෝහල්ගත කරනවිටත් මියගොස් සිට ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

පිය පුතු දෙපළගේ මෘත දේහ තංගල්ල මුලික රෝහලේ තැන්පත් කර තිබෙනවා.