28.9 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට ළමා පිළිකා රෝගීන්ගේ වැඩිවීමක්

මෙරට ළමා පිළිකා රෝගීන්ගේ වැඩිවීමක්

ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදට (15) යෙදී තිබෙනවා.

මෙරටින් වාර්තා වන ළමා පිළිකා රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා පවසනවා.

ජාත්‍යන්තර ළමා පිළිකා දිනය නිමිත්තෙන් අද (15) කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වෛද්‍යවරයා මේ බව කියා සිටියා.

ඒ අනුව 2021 වර්ෂයේදී මෙරටඉන් ළමා පිළිකා රෝගීන් 1032 වාර්තා වී ඇති බවත් අඉ අතර පිරිමි දරුවන් 578ක් සහ ගැහැණු දරුවන් 454 දෙනෙකු වන බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

වෛද්‍යවරයා එහිදී අදහස් දක්වමින් කියා සිටියේ 2021 වසරේදී ලියුකේමියාව වැළඳුණු දරුවන් 341 දෙනෙක්, ලියුපෝමාව වැළඳුණු දරුවන් 148ක්, අස්ථි සම්බන්ධ පිළිකා වැළඳුණු දරුවන් 92ක් හා මොළය ආශ්‍රිත පිළිකා වැළඳුණු දරුවන් 98 දෙනෙක් වාර්තා වී ඇති බවයි.