28 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරැස්වීම අතරතුර රෝගී වූ රාජපක්ෂ රෝහලට

රැස්වීම අතරතුර රෝගී වූ රාජපක්ෂ රෝහලට

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අතරතුර හදිසියේ රෝගාතුර වූ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ රෝහල්ගත කර තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ඊයේ (14) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

රැස්වීම අවසාන භාගයේදී මන්ත්‍රීවරයා මෙලෙස හදිසි රෝගී තත්ත්වයකට පත්ව වහාම මහනුවර පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ (14) දිනයේ පැවති සෞඛ්‍ය වර්ජනය හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් නොකර මන්ත්‍රීවරයාව පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කිරීමට සිදු වූ බවයි මන්ත්‍රීවරයාගේ පුද්ගලික ලේකම් අනුර මඩලුස්ස සඳහන් කළේ.

මේ වන විට ඔහුගේ රෝගී තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින අතර ප්‍රතිකාර සහ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට මුහුණදීමට ඇති බැවින් තවදුරටත් ඔහු එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.