― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsශ්‍රී ලංකාවට අති විශිෂ්ඨ ජයග්‍රහණයක්

ශ්‍රී ලංකාවට අති විශිෂ්ඨ ජයග්‍රහණයක්

ඇෆ්ගනිස්තානය සමඟ පැවති අවසන් එක්දින තරගයෙන් කඩුලු 07ක අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (14) සමත් වුණා.

මෙම ජයග්‍රහණයත් සමග තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග තුනට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානය පන්දුවාර 48යි පන්දු 02ක් තුළ සියල්ලන් දැවී ලකුණු 266ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී රශ්මිත් ෂා ලකුණු 65ක් සහ අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 54ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේ දී ප්‍රමෝද් මධුශාන් කඩුලු 03ක් බිඳ දැමුවා.

අනතුරුව ලකුණු 267ක ඉලක්ලයක් හඹා ගිය ශ්‍රී ලංකවට සාර්ථක ආරම්භයක් ලබාදීමට පැතුම් සහ අවිශ්කට හැකියාව ලැබුණා. එහිදී අවිශ්ක ප්‍රනාන්දු වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 66ක් තුළ ලකුණු 91ක් රැස්කළා.

එමෙන්ම ඉතා විශිෂ්ඨඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක ඊයේ (14) සිය පස්වන ශතකය වාර්තා කරමින් ලකුණු 118ක් පන්දු 101ක් තුළ රැස් කිරීමට සමත් වුණා.

නායක කුසල් මෙන්ඩිස් හයේ පහර 04ක් සමගින් ලකුණු 40ක් රැස් කළ අතර පන්දුවාර 35 පන්දු 02ක් අවසානයේ ශ්‍රී ලංකාව එම ඉලක්කය පසුකර යමින් තරගාවලියේ මුළු ජය තමන් සතු කර ගත්තා.