22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලාංකිකයින් 25ක් මාලදිවයිනෙන් පිටුවහල් කෙරේ

ශ්‍රී ලාංකිකයින් 25ක් මාලදිවයිනෙන් පිටුවහල් කෙරේ

ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු පිටුවහල් කිරීමට මාලදිවයින් රජය තීරණය කර තිබෙනවා.

වීසා නීති උල්ලංඝනය කිරීම හා නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වූ පිරිසකුයි මෙලෙස පිටුවහල් කෙරෙන්නේ.

මෙම ශ්‍රී ලාංකිකයින් 25 දෙනාට අමතරව බංග්ලාදේශ ජාතිකයන් 83 දෙනෙකු, ඉන්දීය ජාතිකයන් 46 දෙනෙකු සහ නේපාල ජාතිකයන් 08 දෙනෙකු එරටින් පිටුවහල් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.