― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot News15කගේ දිවි නසා පොලීසියට කොකා පෙන්නූ රියදුරා අල්ලයි

15කගේ දිවි නසා පොලීසියට කොකා පෙන්නූ රියදුරා අල්ලයි

15 දෙනෙකුගේ මරණවලට වගකිව යුතු, මරණ දඬුවම නියම නියම කෙරුණු වරෙන්තුකරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ අධිකරණය මගහැරීම නිසා වරෙන්තු නිකුත් කළ පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

ඉකුත් 2009 වසරේ 05 වැනි මස 06 වැනිදා වැලිකන්ද පොලිස් වසමේ සෙවණපිටිය දුම්රිය හරස් මාර්ගයේ දී ආරක්ෂිත දුම්රිය වැට බිඳගෙන බස් රථයක් ධාවනය කිරීමෙන් දුම්රියක ගැටී අනතුරක් සිදු වුණා.

එම අනතුරෙන් අනතුරෙන් මගීන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 40 දෙනෙක් තුවාල ලැබූ අතර බස් රථය පදවා ඇත්තේ මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා විසිනුයි.

මෙම චෝදනාවලට වරදකරු වූ බස් රථයේ රියදුරු හට 2023 වසරේ 09 වැනි මස 22 වැනිදා පොළොන්නරුව මහාධිකරණය මඟින් නඩු තීන්දුවක් ලබා දෙමින් මරණීය දණ්ඩනය නියම කළා.

රියදුරා අවසන් වරට 2022-05-05 වැනිදා මහාධිකරණයේ පෙනී සිට ඇති අතර ඉන්පසු අධිකරණයේ පෙනීසිට නැත.

ඉන්පසු ඔහුට අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර ඇති අතර ඊයේ (14) වැලිකන්ද පොලීසිය විසින් වරදකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වරෙන්තුකරු වයස අවුරුදු 39ක වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පවසන්නේ.

වැලිකන්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර සැකකරු අද පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.