අනියම් සම්බන්ධතාවයක් මුල් කරගෙන ගැටුමක් ඇති කරගත් බව කියන අඹුසැමි යුවලක් සහ කාන්තාවක් මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුරුණෑගල ප්‍රදේශයේ මුස්ලිම් පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරියක් වන 45 හැවිරිදි කාන්තාවක් විසින් 15 වැනිදා සිදු කර ඇති පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මාතලේ ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකු සමග මාදම්පේ පදිංචි සිංහල ජාතික තරුණියක් විවාහ වී ඇති අතර අනතුරුව තම සැමියාව මාදම්පේ නිවසට කැඳවාගෙන විත් නරත කර ගැනීමටද එම කාන්තාව කටයුතු කර තිබෙනවා.
මේ අතර කුරුණෑගල – මාරළුවාම ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක් ඉකුත් 15 වැනිදා මාදම්පේ ප්‍රදේශයට පැමිණ තමා අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය අයෙකු සම්බන්ධයෙන් සොයා බලා ඇති බවත් ඇය මාදම්පේ – ජයබිම ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසට ගොස් ඇති බවත් අනාවරණය වී තිබෙනවා.
එම අවස්ථාවේ නිවසේ සිටි බව කියන මුස්ලිම් ජාතිකයා සහ සිංහල ජාතික කාන්තාව කුරුණෑගල සිට පැමිණි කාන්තාවට පහර දී තිබෙනවා. කුරුණෑගල සිට පැමිණි කාන්තාව ද ඔවුන් දෙදෙනාට පහර දී ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
පසුව කුරුණෑගල සිට පැමිණි කාන්තාව තම අනියම් සැමියා සහ ඇයගේ වත්මන් බිරිද තමන්ට පහර දුන් බවට මාදම්පේ පොලීසියට පැමිණිළි කර ඇත. අනතුරුව මාදම්පේ පොලීසිය විසින් සිද්ධියට සම්බන්ධ තිදෙනාවම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.