27.8 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකිතුල් ගසකට යට වී අයෙක් ජීවිතක්ෂයට

කිතුල් ගසකට යට වී අයෙක් ජීවිතක්ෂයට

කිතුල් ගසකට යට වී පුද්ගලයෙක් අවසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මෙම පුද්ගලයා ඊයේ (15) හඟුරන්කෙත, කැටිල්ලවෙල ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටියදී කපන ලද කිතුල් ගසක් ඇඟ මතට වැටීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා රිකිල්ලගස්කඩ මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 53 හැවිරිදි වියේ පසු වූ ඉස්කෝලවත්ත, ඇකිරිය ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගස කපන ලද 45 සහ 53 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය රිකිල්ලගස්කඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබෙනවා.