28.4 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතම දියණිය අඹුකමට ගත් පියාට වැඩ වරදී

තම දියණිය අඹුකමට ගත් පියාට වැඩ වරදී

තම දියණියට ලිංගික අතවර කළ පියෙක් අඹන්පොල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අඹන්පොල – කුකුලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය සඳහන් කළේ.

අතවරයට ලක් වූ 15 හැවිරිදි දැරිය පොලීසිය හමුවේ පවසා ඇත්තේ පසුගිය 11 වැනිදා තම නිවස තුළදී පියා තමන්ට ලිංගික අතවර කළ බවයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාර පියා දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග කාර්ය සහායකයෙකු ලෙස සේවය කරන අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

ලිංගික අතවරයට ලක් වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා අඹන්පොල ප්‍රාදේශීය රෝහලට යොමු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අඹන්පොල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.