― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsනුවරඑළියේ යනවා නම් රිය ධාවනය ප්‍රවේශමෙන්

නුවරඑළියේ යනවා නම් රිය ධාවනය ප්‍රවේශමෙන්

නුවරඑලිය ප්‍රදේශයට ධාවනය කරන වාහනවල රියදුරන් දැඩි ලෙස විමසිල්ලෙන් වාහන ධාවනය කරන ලෙස නුවරඑළිය පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ දිනවල නුවරඑළිය ප්‍රදේශයට පතිත වන සුළු වර්ෂාවත් සමග ප්‍රදේශය පුරා ගණ මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් ප්‍රධාන මාර්ගවල ඉදිරියෙන් ධාවනය වන වාහන නොපෙනෙන බවයි පොලීසිය පවසන්නේ.

නුවරඑළිය නගර සීමාව, හාවාඑළිය, බොරලන්ද, උඩපුස්සැල්ලාව ප්‍රධාන මාර්ගය, නානුඔය, තලවාකැලේ, හැටන් ප්‍රධාන මාර්ගය, නානුඔය රැදැල්ල කෙටි මාර්ගය, නුවරඑළිය මිපිළිමාන, පට්ටිපොළ, ලෝකාන්තය පිවිසුම් මාර්ගයන්හි මෙම ඝන මීදුම් තත්ත්වය හා ඕනින් මාර්ගයට පැනීමේ අවදානම් තත්ත්වය පවතින බැවින් මෙම මාර්ගයන්හි වාහන යෙදවීමේදී ඉතාමත්ම අඩු වේගයකින් හා සැලකිලිමත්ව වාහන ධාවනය කිරීමට කටයුතු කරන ලෙසද නුවරඑළිය පොලිසිය රියදුරන්ට දන්වා සිටියි.

තවද ඉදිරියෙන් පැමිණෙන වාහන නොපෙනීමේ තත්වයක් පවතින බැවින් සෑම වාහනයකම ආලෝක සංඥා විදුලි පහන දල්වාගෙන යෑමට කටයුතු කරන ලෙසත් රියතුරන්ගෙන් නුවරඑළිය රථවාහන පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.