28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපියුමාගෙන් පැය 72ක් ප්‍රශ්න කිරීමට අවසර

පියුමාගෙන් පැය 72ක් ප්‍රශ්න කිරීමට අවසර

ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඊයේ (15) මෙරටට රැගෙන ආ ‘කුඩු සළිඳුගේ’ ප්‍රධාන ගෝලයා වන පියුම් හස්තික නැමැත්තාගෙන් පැය 72ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබෙනවා.

‘පියුමා’ යන අනවර්ථ නාමයෙන් හඳුන්වන මෙම සැකකරු ඩුබායි හිදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (15) මෙරටට රැගෙන එනු ලැබුවා.

මෙම සැකකරුට එරෙහිව විවෘත වරෙන්තු 04ක් නිකුත් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පොලීසිය විසින් සිදු කළ වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මොහු විසින් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන කුඩු සළිඳුගේ වැඩිමහල් සහෝදරයා සමඟ රුපියල් මිලියන මුදල් 83ක ගනුදෙනු සිදුකර ඇති බවයි.

පියුමාට එරෙහිව 2021 වසරේ ජනවාරි 25 වැනිදා පානදුර උතුර පොලිස් වසමේ දී ලක්ෂාන් සඳරුවන් නැමැත්තා ඝාතනය කිරීම, 2020 වසරේ ජුනි මාසයේ 29 වැනිදා මොරටුව, කටුබැද්ද මංසන්ධියේ දී ද්විත්ව ඝාතනයක් සිදුකිරීම යන චෝදනා එල්ල වී තිබෙනවා.