28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස් කතකට හදි කළ කල්පිටිය OIC ගේ වැඩ තහනම්

පොලිස් කතකට හදි කළ කල්පිටිය OIC ගේ වැඩ තහනම්

තම පොලිස් ස්ථානයේම සේවය කරමින් සිටින ආධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී ඇති කල්පිටිය පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාගේ සේවය පොලිස් කොමිසම විසින් අත්හිටුවා ඇත.

ඉකුත් 15 වෙනිදා පොලිස් කොමිසම විසින් වැඩ තහනම් කර ඇති නියෝගය කල්පිටිය පොලිස් ස්ථානය වෙත එවා තිබෙනවා.

කල්පිටිය පොලීසියේ සේවය කරමින් සිටින ආධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බවට එම පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කරමින් සිටි පොලිස් පරීක්ෂකවරයාට චෝදනා එල්ලවී ඇත. සිද්ධියට මුහුණ දී ඇති ආධුනික පොලිස් කොස්තාපල්වරිය මේ බව ප්‍රදේශය බාර සහකාර පොලිස් අධිකාරීවරයාට පැමිණිළි කර තිබෙනවා.

වැඩ බලන පොලිස්පතිවරයාගේ නියෝග මත වයඹ පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

අදාල විමර්ශන කටයුතු සඳහා ඉකුත් ජනවාරි 29 වැනිදා කටුපොත පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිවරයා කල්පිටිය පොලීසියට පැමිණ ඇති අතර ඊට සුළු වේලාවකට පෙර කල්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා අසනීප නිවාඩු වාර්තා කර ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

අසනීප නිවාඩු වාර්තා කර සිටි පොලිස් ස්ථානාධිපතිවරයා පෙබරවාරි 04 වැනිදා නැවත සේවය වාර්තා කර ඇත. පෙබරවාරි 09 වැනිදා නැවත වතාවක් දෙවැනි දිනටද කටුපොත පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනිය කල්පිටිය පොලීසියට පැමිණ ඇත්තේ ඒ සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

එම අවස්ථාවේදීද කල්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා අසනීප නිවාඩු වාර්තා කර ස්ථානයෙන් පිටත්ව ගොස් තිබුණි.

මේ අතර අදාල පොලිස් ස්ථානාධිපතිවරයා ආධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් ඉකුත් 10 වෙනිදා පුත්තලම මහේස්ත්‍රාත් අධිකාරණයට කරුණු වාර්තා කර තිබුණි.

ඒ වනවිටත් අසනීප නිවාඩු වාර්තා කර සිටි කල්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා 11 වෙනිදා නීතිඥයෙකු මගින් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් විය.

ස්ථානාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගත් පුත්තලම මහේස්ත්‍රාත්වරයා ඔහුව රුපියල් ලක්ෂ 05 බැගින් වන පුද්ගල ඇප 02 ක් මත මුදා හැරීමට නියෝග කළේය.