27.8 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෛත්‍රීට විශ්ව සාම සම්මේලනයෙන් උණුසුම් පිළිගැනීමක්

මෛත්‍රීට විශ්ව සාම සම්මේලනයෙන් උණුසුම් පිළිගැනීමක්

ඇමරිකාවේ විශේෂ සංචාරයක නිරත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (15) ඇමරිකාවේ වොෂින්ටන් ඩී.සී හි පිහිටි විශ්ව සාම සම්මේලනයේ ජාත්‍යන්තර කාර්යාලයට පැමිණ තිබෙනවා.

විශ්ව සාම සම්මේලනයේ මහ ලේකම් ලැරී මොෆිට් (Larry Moffitt) , විශ්ව සාම සම්මේලනයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන නියෝජිත ආචාර්ය ටැගල්ඩින් හමඩ් (Dr. Tageldin Hamad) සහ විශ්ව සාම සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිනී ටොමිකො ඩුග්ගාන් (Tomiko Duggan) විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

එහිදී ශ්‍රී ලංකාවේ සහ ලෝක සාමය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.

මෛත්‍රීපාල සිරිසේන විශ්ව සාම සම්මේලනයේ ආසියා පැසිෆික් උප සභාපතිවරයා ලෙස සිදුකර තිබෙන සහ මේ වන විට සිදු කරගෙන යනු ලබන සේවය වෙනුවෙන් විශ්ව සාම සම්මේලනයේ ජාත්‍යන්තර කාර්යාලය විසින් විශේෂ සමරුවක්ද පිළිගැන්වීය.

එහිදී විශේෂ දිවා භෝජන සංග්‍රහයකටද හිටපු ජනාධිපතිවරයා සහභාගී විය.