27.8 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියෙන් තවත් 708 දෙනෙක් අත්අඩංගුවට

යුක්තියෙන් තවත් 708 දෙනෙක් අත්අඩංගුවට

ගෙවුණු පැය 24 තුළ දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 708 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 551ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 157ක් අත්අඩංගුවට ගත් බවයි.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් 551 දෙනා අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 10ක් සහ පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ එක් පුද්ගලයෙක් සිටී.

අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 157 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 37 ක්, මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 93 ක්, අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 21ක් සහ ඇඟිලි සටහන් මඟින් හදුනාගන්නා ලද සැකකරුවන් 06ක් ඒ අතරට අයත්.

හෙරොයින් ග්‍රෑම් 176 මිලිග්‍රෑම් 162ක්, අයිස් ග්‍රෑම් 423 මිලිග්‍රෑම් 616ක්, ගංජා කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 284ක්, ගංජා පැළ 3,815ක්, මාවා ග්‍රෑම් 168 මිලිග්‍රෑම් 79ක්, මත්පෙති 194ක්, මදන මෝදක ග්‍රෑම් 49ක් සහ තූල් ග්‍රෑම් 122ක් මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.