― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඅගමැති හා FAO අධ්‍යක්ෂ අතර හමුවක්

අගමැති හා FAO අධ්‍යක්ෂ අතර හමුවක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කියු ඩොන්ගු (Dr.Qu Dongyu) අතර හමුවක් පවත්වා තිබෙනවා.

අද (19) අරලියගහ මන්දිරයේදී යි මෙම හමුව පවත්වා ඇත්තේ.

වසර ගණනාවක් පුරා කෘෂිකර්මාන්තයට සහ ග්‍රාමීය ආර්ථික සංවර්ධනයට ලබාදුන් සහය වෙනුවෙන් ආහාර හා කෘෂිකර්ම සංවිධානයට ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍යවරයා, කෘෂිකාර්මික සහ ධීවර ක්ෂේත්‍ර සඳහා නව තාක්ෂණය හඳුන්වාදීමේ සැලසුම් සඳහා තවදුරටත් සහාය ලබා දෙන ලෙස ආහාර සහ කෘෂිකර්ම සංවිධානයෙන් ඉල්ලා සිටියේය.

ග්‍රාමීය ගොවිතැනට බලශක්ති උත්පාදනය උදෙසා සූර්ය පැනල සහිත ජල පොම්ප සවි කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කළේය.

ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මෙවැනි ව්‍යාපෘති අප්‍රිකාවේ හඳුන්වා දී ඇති අතර ශ්‍රී ලංකාවේද එවැනි ව්‍යාපෘතියක් පිළිබඳව විසින් සලකා බලන බවයි.

ආචාර්ය කියු ඩොන්ගු ශ්‍රී ලංකාවේ දේශගුණික තිරසරභාවය අගය කළ අතර ‘මෙම දූපත ඉන්දියන් සාගරයේ දීප්තිමත්ම ජල බිංදුව’ ලෙස හැඳින්විය හැකි බව පැවසීය.

අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේ මෑත යුගයේදී සිදු වූ පෙර නොවූ විරූ අර්බුදයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියට ප්‍රශංසා කළ ඔහු කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් බවට යළිත් පත්වනු ඇති බවයි.