― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsඇෆ්ගනිස්ථානයට එරෙහි දෙවැනි T20 තරගය අද

ඇෆ්ගනිස්ථානයට එරෙහි දෙවැනි T20 තරගය අද

ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථානය අතර දෙවන විස්සයි විස්ස තරගය අද (19) පැවැත්වෙනවා.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙන අතර තරග අද පස්වරු 7.00ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය ලකුණු 04කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට පෙරේදා (17) හැකියාව ලැබුණා. අද තරගයේදීත් බොහෝදුරටත් පසුගිය ජයග්‍රාහී තරගය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ම ක්‍රීඩා කරනු ඇති බවයි විචාරකයින් පවසන්නේ.

ඇෆ්ගනිස්ථානයට තරගාවලියේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තබාගැනීමට නම් අද තරගයේ ජයග්‍රහණය ඔවුන්ට අනිවාර්ය වනවා.

මේ අතර අද පැවැත්වෙන තරගයේ සහ ලබන 21 වැනිදා පැවැත්වෙන තුන්වන තරගයේ ප්‍රවේශ පත්‍ර සියල්ලම අලෙවි වී අවසන් බව ක්‍රිකට් ආයතනය ඊයේ (18) දිනයේ නිවේදනය කළා.