යාපනය, කච්චතිව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන දේව මංගල්‍යය වෙනුවෙන් මෙවර රාමේෂ්වරන් ධීවරයින් සහභාගී නොවීමේ සූදානමක් ඇති බව ධීවරයින් පවසනවා.
පසුගියදා අත්අඩංගුවට පත් තමිල්නාඩු ධීවරයින් සිරගත කිරීමට එරෙහිව සහ එම ධීවරයින් වහාම නිදහස් කරන ලෙස ඉල්ලමින් රාමේෂ්වරන් ධීවරයින් පිරිසක් සිය ධීවර කටයුතුවලින් ඉවත්ව විරෝධතාවක නිරත වී තිබෙනවා.
විරෝධතාවයේ නිරත වූ ධීවරයින්ට සහය දක්වමින් රාමේෂ්වරන් ධීවර වරායේ ධීවර යාත්‍රා 800 ක පමණ කලු කොඩි ප්‍රදර්ශනය කරමින් ධීවරයින් සිය විරෝධතාවය පළ කළා.
මෙම ධීවරයින් නිදහස් නොකරන්නේ නම් ඉන්ධීය ධීවරයින් විසින් ලබන 23 සහ 24 දිනයන්හි පැවත්වෙන කච්චතිව් වාර්ෂික දේව මෙහෙය වෙනුවෙන් ඉන්දීය ධීවරයින් සහභාගී නොවන බවටත් මේ වන විටත් රාමේෂ්වරන් ධීවරයින් විසින් විසදුමක් ලැබෙනතුරු කච්චතිව් වාර්ෂික දේව මෙහෙය වෙනුවෙන් සහභාගී නොවන බවට සහතික කොට ඇති බවත් වාර්තා වනවා.