24 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෙහෙළියගේ ලෙඩ ගැන හොයන්න කමිටුවක්

කෙහෙළියගේ ලෙඩ ගැන හොයන්න කමිටුවක්

රක්ෂිත බන්ධනාගාරගත කර ඇති හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස මාලිගාක්නද මහේස්ත්‍රාත්වරිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් තොගයක් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙනුයි හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා අත් අඩංගුවට ගැනුණේ.

කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වන ආකාරයෙන් රෝගී තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර ඇත්තේ.

එම මෝසම පිළිගනිමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබූ බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ලබන 26 වැනිදා වනවිට වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි.