― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsචන්න ජයසුමනට සම්මානයක්

චන්න ජයසුමනට සම්මානයක්

විද්‍යාත්මක නිදහස සහ වගකීම වෙනුවෙන් (Scientific Freedom and Responibility Award) ඇමරිකා එක්සත් ජනපද විද්‍යාභිවර්ධන සංගමය (American Association for the Advancement of Science, AAAS) ලබා දෙන සම්මානය මහාචාර්ය චන්න ජයසුමනට හිමිව තිබෙනවා.

2019 වර්ෂය සඳහා මෙම සම්මානය ලැබී ඇති අතර ‘විවිධ පාර්ශ්වවලින් එල්ල වූ අභියෝග හමුවේ කෘෂිකාර්මික ප්‍රජාවගේ වකුගඩු රෝගය පිළිබඳ සිදුකළ පර්යේෂණ හේතුවෙන් ලොව පුරා මිලියන ගණනක් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට සිදුවූ දායකත්වය’ සලකා බැලීමෙන් මෙම සම්මානය ඔහුට හිමිව ඇත.

සම්මානය ප්‍රකාශයට පත්කළ මුල් අවස්ථාවේදී කෘෂි රසායන සමාගම් ඇතුළු විවිධ පාර්ශව ඊට දැක්වූ විරෝධය හේතුවෙන් සම්මානය යළි සලකා බැලීමට විශේෂ ජූරි සභාවකට යොමු කෙරිණි. එම ජූරි සභාවේ ද තීරණය වූයේ සම්මානය ඔහුට ලැබිය යුතු බවයි. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සම්මානය ලබාදීම ප්‍රමාද වූ අතර මෙවර ඇමෙරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝහි ඩෙන්වර් නගරයේ පැවති ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සමුළුව අතර එහි වැඩසටහන් අධ්‍යක්ෂක තෙරේසා හැරිස් මහත්මිය සම්මානය මහාචාර්ය ජයසුමනට ලබා දී තිබෙනවා.

ඔහු සමඟ එක්ව පර්යේෂණ කළ කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සරත් ගුණතිලක ද 2019 වර්ෂයේ විද්‍යාත්මක නිදහස සහ වගකීම වෙනුවෙන් වන ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමයේ අන්තර්ජාතික සම්මානයේ කොටස්කරුවෙකි.