27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsභාරත - ලංකා නිවාස යෝජනා ක්‍රමය ඇරඹේ

භාරත – ලංකා නිවාස යෝජනා ක්‍රමය ඇරඹේ

භාරත – ලංකා නිවාස යෝජනා ක්‍රමය යටතේ නිවාස 1300 ක් ඉදි කිරීමේ කටයුතු අද (19) ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව නුවරඑළිය, බදුල්ල, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල පිහිටි වතු 45 ක එක් වතුයායක නිවාස 50 බැගින් නිවාස ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඉන්දියානු රජයේ මුල්‍ය ආධාර මත ඉදි කරන මෙම එක් නිවසක් සඳහා ඉන්දියානු රජයෙන් රුපියල් ලක්ෂ 28 ½ ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. මෙරට රජයෙන් එක් නිවසක් ඉදි කිරීම සඳහා පර්චස් 10 ක ඉඩමක්, පානීය ජලය සහ විදුලිය ඇතුළු මං මාවත් ලබාදීම සිදු කරනු ලබයි.

පර්චස් 10 ක ඉඩමක ඉදි කරන මෙම එක් නිවසක විසිත්ත කාමරයක්, නිදන කාමර දෙකක්, මුළුතැන්ගෙයක් සහ සනීපාරක්ෂක පද්ධතියකින් සමන්විත වර්ග අඩි 550 ක නිවසක් වන අතර එම නිවාසලාභීන්ට එම නිවස තවත් පුළුල් කර ගැනීමට අවස්ථාව ද ලබා දී තිබෙනවා.