27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලොරියක් ප්‍රපාතයකට පෙරලෙයි - අයෙක් ජීවිතක්ෂයට

ලොරියක් ප්‍රපාතයකට පෙරලෙයි – අයෙක් ජීවිතක්ෂයට

තලවකැලේ, ඩෙස්ෆෝඩ් ප්‍රදේශයේදී ලොරි රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ තලවකැලේ, කිරිමැටිය හරහා නුවරඑළිය මාර්ගයේ ධාවනය වූ ලොරි රථයක් ඩෙස්ෆෝඩ් ප්‍රදේශයේදී අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

නානුඔය පොලීසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නානුඔය, ඩෙස්ෆෝඩ් වත්තේ පදිංචිව සිටි 57 හැවිරිදි වඩමලෙයි මයිල්වාගනම් නැමැති අයෙකු බවයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ ලොරි රථයේ රියදුරා සහ රිය සහායකවරයායි.