30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැලිමඩ සැමියෙක් බිරිඳව නිදි යහනේම ඝාතනය කරලා

වැලිමඩ සැමියෙක් බිරිඳව නිදි යහනේම ඝාතනය කරලා

වැලිමඩ, ඩයරබා ප්‍රදේශයේදී තම බිරිඳ ඝාතනය කළ සැමියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද (19) අලුයම් කාලයේදී මෙම පුද්ගලයා විසින් තම බිරිඳ ඝාතනය කර ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගර්බි ආරච්චිලාගේ මුතුමැණිකේ ජයසේකර නැමැති 35 හැවිරිදි ඩයරබා වත්ත, උඩකොටස, මිරහාවත්ත ලිපිනයේ පදිංචි කාන්තාවකි.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම අඹුසැමි යුවළ අතර ඇතිවූ පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ 35 හැවිරිදි සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මියගිය කාන්තාවගේ දේහය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා වැලිමඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිමඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.