එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව අද (19) ආරම්භ වෙයි.
කොළඹදී ආරම්භ වන මෙම සමුළුවට ආසියා පැසිෆික් කලාපයේ රටවල් 42ක නියෝජිතයින් සහභාගී වීමට නියමිතය.
ඉන් රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම නිලධාරීන් 300 කට අධික පිරිසක් ද මෙම සමුළුවට එක්වනවා.
මෙම සමුළුවේ සමාරම්භක සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට (20) දිනයේදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වුණේ.
අදින් (19) ආරම්භ වන මෙම සමුළුව ලබන 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.