― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsවසර මැදදී උද්ධමනය 5% ට ගේනවා - සියඹලාපිටිය

වසර මැදදී උද්ධමනය 5% ට ගේනවා – සියඹලාපිටිය

2024 වසර මැද වන විට උද්ධමන අනුපාතය 5% මට්ටමකට රැගෙන ඒම අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

70% මට්ටමට ඉහළ ගොස් තිබූ උද්ධමන අනුපාතය අද වන විට 6% දක්වා පහත දැමීමට රජයට හැකිව ඇති බවයි අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය.

ඩොලර් මිලියන දෙකක් දක්වා පහත බැස තිබූ විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට ඩොලර් බිලියන 4.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසර එකහමාරකට පෙර මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් තෙල් නැව් නැවත හැරී ගිය යුගය ජනතාවට අමතක නැහැ.

දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 128% දක්වා ඉහළ ගොස් තිබූ රාජ්‍ය ණය ප්‍රමාණය අද වන විට 104% දක්වා පහළ ගොස් තිබෙනවා. ක්‍රම ක්‍රමයෙන් ආර්ථිකය ශක්තිමත් වීම සිදු වෙමින් පවතිනවා. කිසිවකුට ප්‍රතිහාර පෑමේ හැකියාවක් නැහැ. සතියකින් දෙකකින් ආර්ථිකය යථාවත් කරන්න කාටවත් බැහැ. සාම්ප්‍රදායික දේශපාලන සටන් පාඨ මදකට පසෙක ලා සමස්ත ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමේ අවස්ථාව එළැඹ තිබෙනවා.”

මේ අතර මහ බැංකු සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීම පිළිබඳ විපක්ෂය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ආදේශ නොමැති ඇතැම් තනතුරු සඳහා එලෙස වැටුප් වැඩිවීම් ලබා දී ඇත්තේ ඔවුන්ව අදාළ තනතුරුවල රඳවා ගැනීමේ අපේක්ෂාවෙන් බවයි.

2022 – 2023 කාලය තුළ සිටි මහ බැංකු නිලධාරීන්ගෙන් 99 දෙනෙකු හෙවත් 10% සේවක ප්‍රමාණයක් විදේශගත වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ සාමූහික ගිවිසුම් ප්‍රකාරව වසර තුනෙන් තුනට ඔවුන්ට එම වැටුප් වර්ධකය හිමි වන බවයි.

අදාළ වැටුප් සඳහා මුදල් ලබා දෙන්නේ ද මහ බැංකු ගිණුමෙන් බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ.