26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනියම් පෙම නිසා පස්දෙනෙක් රෝහලට

අනියම් පෙම නිසා පස්දෙනෙක් රෝහලට

බහින්බස් වීමක් දුරදිග යාමෙන් සිදුකළ පහරදීමකින් පුද්ගලන් පස්දෙනෙක් තුවාල ලැබීමේ පුවතක් කිලිනොච්චිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

පොලිසිය පැවසුවේ මෙලෙස තුවාල ලැබූවන් අතර කාන්තාවන් තිදෙනෙක් ද වන බවයි.

ඔවුන් 28,30 ආශා 50 යන වයස්වල පසුවන තැනැත්තියන් වන අතර තුවාල ලැබූ පිරිමි පුද්ගලයින් දෙදෙනා 28 සහ 30 යන වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

ඊයේ (19) රාත්‍රියේ රාමනාදපුරම්, කල්මඩුනගර් ප්‍රදේශයේදී අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් ඇති වූ බහින්බස් වීමකදී තියුණු ආයුධවලින් මොවුන්ට පහර දී තුවාල සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් දෙදෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම පහරදීමට සම්බන්ධයෙන් කිලිනොච්චිය, වට්ටකච්චි ප්‍රදේශයේ පදිංචි 24, 33 සහ 59 යන වයස්වල පසුවන්නන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බවයි.