― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඋතුරු මුහුදේ ආරක්ෂාව ගැන විශේෂ සාකච්ඡාවක්

උතුරු මුහුදේ ආරක්ෂාව ගැන විශේෂ සාකච්ඡාවක්

උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් හා උතුරු නාවික විධාන බලප්‍රදේශ බාර ආඥාපති රියර් අද්මිරාල් කාන්චන බානගොඩ අතර හමුවක් සිදුව තිබෙනවා.

ඊයේ (19) උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදීයි මෙම හමුව සිදුව ඇත්තේ.

උතුරු පළාතේ නාවික විධාන බලප්‍රදේශය තුළ ආරක්ෂක විධිවිධාන තර කිරීම හේතුවෙන් අනවසරයෙන් විදේද ධීවරයින්ට, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට, නීතිවිරෝධී සංක්‍රමණිකයින්ට මෙරටට ඇතුල්වීමට ඇති ඉඩකඩ ඇහිරී ඇති බවයි එහිදී උතුරු පළාත් ආඥාපතිවරයා සඳහන් කර ඇත්තේ.

උතුරු පළාත විදේශ සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් ප්‍රදේශයක් ලෙසට සංවර්ධනය කිරීමට පූර්ණ සහය ලබාදෙන බවත් ඉදිරියේදී මෙවැනි වටිනා යෝජනා සඳහා වැඩි අවධානයක් යොමුකොට සංචාරක ව්‍යාපාරය සංවර්ධනය සඳහා උපරිම සහයෝගය ලබාදෙන බවත් ඔහු එහිදී අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම උතුරු පළාත් ආණ්ඩුකාරවරිය එහිදී පෙන්වා දී ඇත්තේ දෙස් විදෙස් සංචාරකයින්ට උතුරු පළාතේ වැදගත් ස්ථාන නැරඹීමට අවස්ථාව සලසන සේම පොදු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමෙන් සංචාරක ව්‍යාපාරයට මහගු පිටුවහලක් වන බවයි.