26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජපන් රජයෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක්

ජපන් රජයෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක්

මෙරට සෞඛ්‍ය සේවාවේ ගිලන් රථ ඇතුළු ප්‍රවාහන කටයුතු සඳහා ජපන් රජය විසින් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000ක් ප්‍රදානය කර තිබෙනවා.

මෙය නිල වශයෙන් බාරදීම ඊයේ (19) කොළඹ වරායේ ‘ඩොල්ෆින් ජැටිය’ පර්යන්තයේදී සිදු කෙරුණා.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙඅකි විසින් මෙම ඩීසල් තොගය නිල වශයෙන් භාරදීම සිදුකළ අතර එම අවස්ථාවට වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා එක්විය.

මෙම ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 සෞඛ්‍ය ආයතනවලට බෙදාහැරිමේ කටයුතු සඳහා පද්ධතියක් නිර්මාණය කර ඇති අතර එම පද්ධතියට ඉන්ධන ලබාගත් වාහන, ලබාගත් ඉන්ධන ප්‍රමාණය, සෞඛ්‍ය ආයතන පිළිබද සියළු තොරතුරු දත්ත ඇතුළත් කරනු ලබයි.

එහි විශේෂත්වය වන්නේ එම සියලු කටයුතු ජපන් රජයේ සෘජු අධීක්ෂණය යටතේ සිදුවීමයි.