― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeVideoපොහොට්ටුවේ රාජපක්ෂ සසුන්ගත වෙයි

පොහොට්ටුවේ රාජපක්ෂ සසුන්ගත වෙයි

මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ගුණතිලක රාජපක්ෂ මහතා ඉන්දියාවේ බරණැස, ඉසිපතනාරාම මූල ගන්ධකුටි විහාරස්ථානයේදී තාවකාලික පැවිදි භාවය ලබා තිබේ.

ගුණතිලක රාජපක්ෂ මහතා මෙලෙස පැවිදි වීම සඳහා ඉන්දියාව බලා ගොස් ඇති අතර 20 දින පෙරවරුවේ ඉසිපතන මූල ගන්ධකුටි විහාරාධිපති පූජ්ය රත්මලේ සුමිත් ආනන්ද හා පූජ්ය දෙහිඅත්තකණ්ඩියේ පියනන්ද නායක හිමිවරුන්ගේ උපාධ්යායයෙන් යුක්තව ආගමික වතාවත් අනුව බෞද්ධ චාරිත්රානුකූලව පූජ්ය හාරිස්පත්තුවේ ධම්මරතන නමින් පැවිදි භාවයට ඇතුලත්ව ඇත.

කැනඩාවේ පදිංචි වෘත්තියෙන් ඉංජිනේරුවකු වන ගුණතිලක රාජපක්ෂ මහතාගේ පුත් සඳකැළුම් රාජපක්ෂ මහතාද පූජ්ය අමිපාරේ ධම්මාලෝක නමින් මේ අවස්ථාවේදීම තාවකාලික පැවිදි භාවයට ඇතුලත් වීමද විශේෂයකි.

ගුණතිලක රාජපක්ෂ මහතාගේ බිරිඳද මෙයට කෙටි කලකට පෙර අභාප්රාප්ත වූ අතර පසුගියදා පැවැති මහනුවර සංවර්ධන කමිටු රැස්වීම අවසානයේ හදිසියේ රෝගාතුර වූ ඒ මහතා රෝහල්ගත කිරීමටද පියවර ගන්නා ලදි.
කෙටි කලක් තාවකාලික පැවිදි භාවයේ ගත කිරීමට තීරණය කොට ඇති ඒ මහතා මෙම කාලය තුළ දඹදිව සිද්ධස්ථාන රැසක් වන්දනා කිරීමටද බලාපොරොත්තුවේ.

උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න

Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.

For copyright matters please contact : [email protected]

Madyawediya Website : https://madyawediya.lk/
Facebook : https://www.facebook.com/madyawediya

Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News