29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබෑනාගේ පොලු පහරින් මාමණ්ඩිය ජීවිතක්ෂයට

බෑනාගේ පොලු පහරින් මාමණ්ඩිය ජීවිතක්ෂයට

පේරාදෙණිය පොලිස් වසමට අයත් කුරුගම ප්‍රදේශයේදී පොල්ලකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ 51 හැවිරිදි මාරිමුත්තු ධර්මසීලන් නැමැති දෙදරු පියෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.

මියගිය පුද්ගලයාගේ වැඩිමහල් දියණියගේ ස්වාමි පුරුෂයා විසින් මෙලෙස ඔහු ඊයේ (19) රාත්‍රියේ ඝාතනය කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

සැකකාර බෑනා තම බිරිඳ හා දරුවන් අතහැර ගොස් තනිව ජීවත් වී ඇති බවත් ඊයේ රාත්‍රියේදී තම තරුවන් බැලීම සඳහා ඔහු බිරිඳගේ පියාගේ නිවසට පැමිණ ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

එම අවස්ථාවේදී සැකකරු ඔහුගේ මිතුරන් කිහිපදෙනෙකු සමඟ මත්පැන් පානය කර ඇති අතර එහිදී ඔහු සිය මාමණ්ඩිය සමඟ ගැටුමක් ඇති කරගෙන තිබෙනවා.

එහිදී සැකකරු මාමණ්ඩියට පොල්ලකින් පහර දී තිබෙනවා. පොලු පහරි තුවාල ලැබූ මාමණ්ඩිය දිවි බේරාගැනීම සඳහා නිවසින් පිටතට දිව යාමේදී බිම ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම සිද්ධිය වතු කම්කරුවන් පිරිසක් දැක ඒ බව පොලීසියට දැනුම් දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.