බොරැල්ල පොලිස් බල ප්රදේශයේ ඊයේ (19) රාත්රියේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලීසිය පැවසුවේ බොරැල්ල, වැලිකඩ බන්ධනාගාරය අසළ ආනන්ද රාජකරුණා මාවතේ පෞද්ගලික මහල් නිවාස සංකීර්ණයක 5 වන මහලේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
එහිදී පාතාල කල්ලි නායකයෙකු යැයි සැක කෙරෙන අමල් බිම්සර නැමැති පුද්ගලයා හට නාදුනන පුද්ගලයින් විසින් වෙඩි තැබීමක් සිදුකර පලා ගොස් තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයා ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇති අතර වෙඩි තැබීම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.