30.6 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ පැවිදි දිවියට

මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ පැවිදි දිවියට

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ ඉන්දියාවේ බරණැස, ඉසිපතනාරාම මූලගන්ධකුටි විහාරස්ථානයේදී තාවකාලික පැවිදිභාවය ලබා තිබෙනවා.

ගුණතිලක රාජපක්ෂ මෙලෙස පැවිදි වීම සඳහා ඉන්දියාව බලා ගොස් ඇති අතර අද (20) බෞද්ධ චාරිත්‍රානුකූලව පූජ්‍ය හාරිස්පත්තුවේ ධම්මරතන නමින් පැවිදිභාවයට ඇතුලත්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

කැනඩාවේ පදිංචි, වෘත්තියෙන් ඉංජිනේරුවකු වන ගුණතිලක රාජපක්ෂගේ පුත් සඳකැළුම් රාජපක්ෂ ද පූජ්‍ය අම්පාරේ ධම්මාලෝක නමින් මේ අවස්ථාවේදීම තාවකාලික පැවිදිභාවයට ඇතුළත් වීමද විශේෂත්වයකි.

ගුණතිලක රාජපක්ෂගේ බිරිඳද මීට කෙටි කලකට පෙර අභාවප්‍රාප්ත වූ අතර පසුගියදා පැවැති මහනුවර සංවර්ධන කමිටු රැස්වීම අවසානයේ හදිසියේ රෝගාතුර වූ ඔහු රෝහල්ගත කිරීමට පියවර ගත්තේය.

දැඩි කාර්යබහුල ජීවිතයක් ගත කිරීම හේතුවෙන් පීඩාවට පත්ව ඇති මනස සන්සුන් කර ගැනීම සඳහා තාවකාලිකව හෝ පැවිදි දිවියට ඇතුළත් වීමට තීරණය කළ බවත් මනස සන්සුන් කරගැනීම සඳහා සුදුසුම ප්‍රතිකාරය භාවනා කිරීම බවත් පූජ්‍ය හාරිස්පත්තුවේ ධම්මරතන හිමි පැවසූහ.