29.5 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් රාගමදී කොටු

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් රාගමදී කොටු

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන රාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් 18 වැනිදා විශේෂ කාර්ය බලකාය විසින් රාගම, ලංකා මාතා පාරෙ, දඹුව ප්‍රදේශයේ වැටලීමක් සිදු කර ඇති අතර එහිදීයි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඇය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අලෙවි කිරීම සදහා සූදානම් කොට තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 යි මිලිග්‍රෑම් 680 ක් සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන අත්අඩංගුවට ගත් කාන්තාව වැඩිදුර විමර්ශන සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.