28.9 C
Colombo
Wednesday, August 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමීගොඩ ආර්ථිකයේ කොල්ලයට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

මීගොඩ ආර්ථිකයේ කොල්ලයට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙඩි තැබීම සහ එදිනම පූගොඩ ප්‍රදේශයේ සිදු කළ මංකොල්ලකෑමට අදාළව යතුරුපැදිය පැදවූ සැකකරු මහියංගනය ප්‍රදේශයේ සැගව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ මහඔය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පෙරේදා (18) මහියංගණය පොලිස් වසමේ සේනානිගම ප්‍රාථමික විදුහල ඉදිරිපිටදී සිදු කළ වැටලීමකදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී පසුගිය 12 වැනිදා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සිදු වූ වෙඩි තැබීම සහ එදිනම පූගොඩ මංකොල්ලයට අදාළ යතුරුපැදිය පැදවූ පුද්ගලයා වන විජේසිංහ මුදියන්සේලාගේ දිනේෂ් අවිශ්ක යන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු මිරිහාන කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය වෙත භාර දී ඇති බවයි පොලීසිය පැවසුවේ.