― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරුමේනියා සිහිනය බොඳ වූ තරුණයා දිවි හැර යයි

රුමේනියා සිහිනය බොඳ වූ තරුණයා දිවි හැර යයි

මුන්දලම – මංගල එළිය ප්‍රදේශයේ තරුණයෙකු සිය නිවසේ ගෙල වැළලාගෙන මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ මංගල එළිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කාවින්ද මධුසංඛ නමැති තරුණයෙකු බවයි.

සිද්ධිය වන අවස්ථාවේදී මියගිය තරුණයාගේ මව සහ සහෝදරිය මධුරංකිලිය සති පොළට ගොස් ඇති අතර එම තරුණයා සහ ඔහුගේ පියා පමණක් නිවසේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේනමුත් ඔහුගේ පියා නිවසේ ආලින්දයට වී රූපවාහිනිය නරඹමින් සිටියදී තරුණයා නිවසේ කාමරයකට ගොස්, දොර අගුළු දමා පසුව ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මේ අතරතුර පොළට ගිය මව සහ සහෝදරිය නිවසට පැමිණ තම පුතා සොයා නිවසේ දොරට තට්ටු කළද ඉන් කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා ඔවුන් කාමරයේ දොර කඩා ඇති අතර එහිදී ඔවුන් දැක ඇත්තේ තම පුත්‍රයා ගෙල වැළලාගෙන සිටි ආකාරයයි.

තරුණයා මුන්දලම රෝහලට රැගෙන ගියද ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි වෛද්‍යවරු පවසා ඇත්තේ.

මෙම තරුණයා රුමේනියාවට යාමට සඳහා තම පියාගෙන් රුපියල් 75,000ක් ඉල්ලා ඇති නමුත් එවේලේ පියා සතුව ඔහුට දීමට තරම් ප්‍රමාණවත් මුදලක් තිබී නැහැ.

මුදල් නොමැතිකම නිසා තම රුමේනියා සිහිනය ඉටුකර ගැනීමට නොහැකි නොහැකි වීම හේතුවෙන් පුත්‍රයා මානසික ආතතියෙන් පසු වූ බවයි පියා පොලීසිය හමුවේ පවසා ඇත්තේ.

මියගිය තරුණයාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කෙරුණු අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය පියාට භාරදීමට කටයුතු කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.