― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවැල්ලේ සාරංගගේ ගෝලයෙක් බඩුත් එක්ක මාට්ටු

වැල්ලේ සාරංගගේ ගෝලයෙක් බඩුත් එක්ක මාට්ටු

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘වැල්ලේ සාරංග’ යන අයගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගියදා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කඩවත, මංකඩ පාර, අධිවේගී පාලම අසලදී කරනු ලැබූ වැටලීමකදීයි මොහු හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එම අවස්ථාවේදී මොහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 200 ක් හමු වී තිබෙනවා.

මෙම පුද්ගලයා මෝදර, ලෙල්ලම ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු ද වන අතර ඔහුගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මෙම පුද්ගලයා 2007 වසරේ සිට 2013 වසර දක්වා ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවය කර ඇති බවත්, විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘වැල්ලේ සාරංග’ යන අය හා සම්බන්ධ වී ඔහුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් හා කප්පම් ගැනීම්, සංවිධානාත්මක අපරාධ මෙහෙයවන ප්‍රධාන පෙලේ ගෝලයෙකු ලෙස කටයුතු කරන බවත් පවසා තිබෙනවා.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ වැල්ලේ සාරංගගේ කොන්ත්‍රාතුවක් මත 16 වැනිදා මෝදර, ලෙල්ලම ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීමට අදාල සිදුවීමේ වෙඩි තැබීමට පෙර ගිනි අවිය හා වෙඩික්කරු මොහුට අයත් ත්‍රීරෝද රථයෙන් තොටලඟ ප්‍රදේශයේ සිට මෝදර ලෙල්ලම ප්‍රදේශයට ප්‍රවාහනය කිරීම හා වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරු පෑලියගොඩ ප්‍රදේශයට රැගෙන විත් පලා යාමට අනුබල දීම හා ගිනි අවිය කඩවත ප්‍රදේශයට රැගෙන විත් තවත් පුද්ගලයෙකුට ලබා දී සැඟවීමට ඍජු ලෙස අධාර අනුබල දී ඇති බවයි.

මෙම සැකකරු අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය වී සිටි පුද්ගලයෙක් වන අතර සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාර දී ඇත.