― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsශ්‍රී ලංකාවට ලකුණු 72ක විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකාවට ලකුණු 72ක විශිෂ්ඨ ජයක්

ඇෆ්ගනිස්තානය සමග පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (19) රාත්‍රියේ සමත් වුණා.

ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගත්තේ ලකුණු 72කින්. ඇෆ්ගනිස්තාන ආරාධනයෙන් පළමු පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පන්දුවාර විස්ස තුළ කඩුලු 06ක් දැවී ලකුණු 186ක් ලකුණු පුවරුවට එක් කළා.

එහිදී මැදපෙළ පිතිකරුවන් වූ ඇන්ජලෝ මැතිව්ස් සහ සධීර සමරවික්‍රමගේ සුපිරි සම්බන්ධතාව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 186 සීමාව දක්වා ඔසවා තබන්නට දායක වුණා. මෙහිදී ඇන්ජලෝ මැතිව්ස් පන්දු 22ක් තුළ ලකුණු 42ක් රැස් කළ අතර සධීර සිය පළමු විස්සයි විස්ස අර්ධ ශතකය රැස් කළා.

වනිදු හසරංග පන්දු 09ක් තුළ වේගවත් ලකුණු 22ක් රැස් කළා. පන්දු යැවීමේදී මොහොමඩ් නබී සහ අස්මතුල්ලාහ් ඔමර්සායි කඩුලු 02 බැගින් බිද දැමුවා.

අනතුරුව ලකුණු 187ක ඉලක්කය හඹා යාමට ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරුවන් යුගලය පිටියට පිවිසි අතර ආරම්භක පිතිකරු හස්රතුල්ලහ් සසායි පළමු පන්දුවාරයේ දීම ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට ඇන්ජලෝ මැතිව්ස් කටයුතු කළා.

අනතුරුව ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ඉතිරි ආරම්භක පිතිකරුවන්ට පිටියේ ස්ථාවර වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩලබා දුන්නේ නැහැ. ඒ අනුව ඇෆ්ගනිස්තාන ඉනිමේ මුල්පෙළ කඩුලු 05 ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

පන්දු යැවීමේ දී ඇන්ජලෝ මැතිව්ස් කඩුලු 02ක් සහ බිනුර ප්‍රනාන්දු කඩුලු 02ක් බිද දැමුවා. මේ අතර මෙම තරගයේ දී විස්සයි විස්ස කඩුලු 100 වාර්තා කරන්නට ශ්‍රී ලංකා නායක වනිදු හසරංගට හැකියාව හිමිවීම ද විශේෂත්වයක්.

වනිදු මෙම තරගයේදී බිද දැමූ කඩුලු සංඛ්‍යාව 02ක්. ඒ අනුව ඇෆ්ගනිස්තාන පිළිතුරු ඉනිම පන්දුවාර 17 ක් තුළ සියල්ලන් දැවී ලකුණු 115කට සීමා වුණා.

ඇෆ්ගනිස්තාන පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කරිම් ජනට් ලකුණු 28ක් රැස් කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයෙන් ලකුණු 72ක ජයක් හිමි වූ අතර මෙම ජයත් සමග තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ශ්‍රී ලංකාව ජයගත්තා.