29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsක්‍රිකට් පිත්තෙන් කළ ඝා+තනයට දෙදෙනෙක් අත්අඩංගුවට

ක්‍රිකට් පිත්තෙන් කළ ඝා+තනයට දෙදෙනෙක් අත්අඩංගුවට

මුරුතලාව, කුරුගම ප්‍රදේශයේදී ක්‍රිකට් පිත්තකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පිය පුතු දෙපළක් ඊයේ (20) පේරාදෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 51 හැවිරිදි වතු කම්කරුවෙකි.

අත්අඩංගුවට ගත් 26 හැවිරිදි පුද්ගලයා ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ දියණියගේ විවාහක සැමියා බවත් මේ වනවිට ඔවුන් දික්කසාද වීම සඳහා නඩු මගට යොමුව සිටින බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරුවන් ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ නිවස ඉදිරිපිටට පසුගිය 19 වැනිදා රාත්‍රියේ පැමිණ කලහකාරී ලෙස හැසිරෙමින් සිටියදී 26 හැවිරිදි සැකකරු ක්‍රිකට් පිත්තක් ගෙන නිවස තුළට ඇතුළු වී මෙම පහරදීම සිදුකර ඇති බවයි සාක්ෂි මගින් තහවුරු වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් කලහකාරී ලෙස හැසිරෙමින් පියාට පහර දෙන අවස්ථාවේදී මියගිය පුද්ගලයාගේ දියණිය පොලිස් හදිසි ඇමතුම් අංශයට සිද්ධිය දැනුම් දී ති‌බේ.

ඒ් අනුව ජංගම මුර සංචාරයේ නිරතව සිටි පේරාදෙණිය පොලීසියේ කණ්ඩායමක් එහි ගොස් ඇති අතර මියගිය පුද්ගලයාගේ මළ සිරුර නිවස ආසන්නයේ තිබියදී සොයා ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පේරාදෙණිය පොලීසිය පවසයි.