29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජයටම කරගෙන ගිය මත්පැන් ස්කාගාරයක් වටලයි

ජයටම කරගෙන ගිය මත්පැන් ස්කාගාරයක් වටලයි

මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් ස්කාගාරයක් වටලා පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව වි‍ශේෂ කාර්ය බලකාය පවසනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට අදාලව ඊයේ (20) වීරවිල පොලිස් වසමේ සේනාධීර වත්ත, මෝලකැපුපතාන ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇත්තේ.

එහිදී නීතිවිරෝධී මත්පැන් ස්කාගාරයක් පවත්වාගෙන ගිය වයස අවුරුදු 53 ක රත්නපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම ස්කාගාරයේ තිබී නීතිවිරෝධී මත්පැන් ලීටර් 67.5 ක්, ගෝඩා ලීටර් 4,725 ක්, දැවි ගෝඩා ලීටර් 150 ක්, තඹ දඟරයක් හා යකඩ බැරල් තොගයක් හමු වූ බවයි පොලීසිය පවසන්නේ.

සකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වීරවිල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.