26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජැක්සන්ලා සොයා පොලිසිය රටම පීරයි

ජැක්සන්ලා සොයා පොලිසිය රටම පීරයි

දිවයින පුරා ඊයේ (20) සිදුකරන ලද මෙහෙයුම්වලදී බස්රථ වල කාන්තාවන්ට ලිංගික හිරිහැර සිදුකිරීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ බස් රථවල ගැට කපන්නන් ඇතුළු සැකපිට පුද්ගලයින් 22 දෙනෙකු සමගින් මුළු සැකකරුවන් 23 දෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

පොදු ප්‍රවාහන සේවා වලදී ළමයින්ට හා කාන්තාවන්ට විවිධ ලිංගික හිංසනයන් සිදුවන බවට දෛනිකව පොලිස් ස්ථානවලට වාර්තා වන පැමිණිලි සැලකිල්ලට ගනිමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි දිවයින පුරා තවදුරටත් මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලබයි.