යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වීම හේතුවෙන් මත්ද්‍රව්‍යවල දැඩි හිඟයක් පැවතීම නිසා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බොහෝ පිරිසක් මෙම ඖෂධ හලට නිරතුරුවම පැමිණීම දැඩි සැකයක් උපදවන්නක් බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න මහතාට ලද තොරතුරට අනුව උපාය දූතයක් දෙදෙනකු ලවා ඒ සම්බන්ධයෙන් අධීක්ෂණය කර තහවුරු කර ගැනීමෙන් අනතුරුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් සමග එක්ව වැටලීම සිදුකළ බව පොලිසිය කියයි
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බැටලීම් අංශයේ ප්‍රධානී අමිත් පෙරේරා මහතා ප්රමුඛ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඖෂධ හල ආසන්නයට පැමිණ පොලිස් උපාය දූතයකු නැවතත් ඖෂධහල වෙත යවා මත් පෙති මිලදී ගැනීමෙන් අනතුරුව වැටලීම සිදු කළ බව පොලිසිය කියයි
පෙති දහයක් අඩංගු කාඩ් පතක් රුපියල් 450කට විකිණීමට නියමිත වුවත් මෙම ඖෂධ හලේ මත් ලෝලීන් වෙත එය රුපියල් 700/= වැනි ඉතා අධික මිලකට අලෙවි කරන බවට තහවුරු වූ බවත් ඊට අමතරව වෛද්‍ය නිර්දේශ මත ලබාදිය යුතු එම ඖෂධ කිසිදු වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ලබාදෙන බවටද වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිසිය කියයි
ඖෂධහලේ හිමිකාරිය වන 42 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගෙන බැඳුම්කරයක් මත මුදා හැරිය බවත් පොලිසිය සඳහන් කරයි
ඉදිරි විමර්ශන කටයුතු ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගෙන් සිදු කරනු ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය මහතාගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් ගල්කිස්ස කොට්ටාස අපරාධ විමර්ශනා අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අමිල ගෝවින්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදු කළහ
උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
For copyright matters please contact : [email protected]
Madyawediya Website : https://madyawediya.lk/
Facebook : https://www.facebook.com/madyawediya
Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News