27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියෙන් සැකකරුවන් 705ක් අත්අඩංගුවට

යුක්තියෙන් සැකකරුවන් 705ක් අත්අඩංගුවට

ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදු කළ යුක්තියේ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 705ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එඋ අනුව මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 561ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 144 ක් සමගින් මුළු සැකකරුවන් 705 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම්වලින් හෙරොයින් ග්‍රෑම් 190 යි මිලිග්‍රෑම් 792ක්, අයිස් ග්‍රෑම් 69 යි මිලිග්‍රෑම් 727ක්, ගංජා කිලෝග්‍රෑම් 04 යි ග්‍රෑම් 296ක්, ගංජා පැළ 711ක්, මාවා කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 34ක්, මදන මෝදක කිලෝග්‍රෑම් 02 යි ග්‍රෑම් 173ක් හා මත්පෙති 305ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 561 දෙනා අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 06 ක්, පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද සැකකරුවන් 03 ක් සහ රැදවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශනය සිදුකරන පුද්ගලයින් 01 ක් සිටිනවා.

එසේම අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 144 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 13 ක්, මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 122 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 07 ක් හා ඇඟිලි සළකුණු ඔස්සේ අනාවරණය වි ඇති සැකකරුවන් 02 ක් සිටී.