23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරාමනාදපුරම් අනියම් පෙම් හබයට තිදෙනෙක් අල්ලයි

රාමනාදපුරම් අනියම් පෙම් හබයට තිදෙනෙක් අල්ලයි

කිලිනොච්චිය, රාමනාදපුරම්, කල්මඩුනගර් ප්‍රදේශයේදී දෙපාර්ශවයක් අතර ඊයේ (20) සවස ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධවලින් පහරදීම නිසා කාන්තාවන් තිදෙනෙකු ඇතුළු 05 දෙනෙකු තුවාල ලබා ඇති බව රාමනාදපුරම් පොලීසිය පවසනවා.

එහිදී තියුණු ආයුධවලින් පහරදීම් සිදුකරන ලද පුද්ගලයින් 03 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කානත්වක් අනියම් ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන ඇතැයි පවසමින් පළමුව බහින්බස්වීමක් ඇතිව තිබෙන අතර එයට පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු මැදිහත් වීමෙන් ආරවුල දුරදිග ගොස් තිබෙනවා.

ඉන් අතරුරුව අනෙක් පාර්ශවයේ පිරිමි පුද්ගලයින් විසින් ඔවුන්ට තියුණු ආයුධවලින් පහර දී පලාගොස් තිබුණා.

මෙහිදී බරපතල කැපුම් තුවාල සහතිව කාන්තාවන් තිදෙනෙකු හා පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු කිලිනොච්චිය රෝහලට ඇතුලත් කළ අතර ඉන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බැවින් ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරුකොට යවා ඇති බවයි වාර්තා වන්නේ.

අවුරුදු 28 සහ 30 වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු හා අවුරුදු 28, 30 සහ 50 වයස්හි පසුවන කාන්තාවන් තිදෙනෙක් සිද්ධියෙන් කැපුම් තුවාල ලබා තිබෙනවා.

පහරදීම සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කළ පොලීසිය විසින් කිලිනොච්චිය සහ වට්ටකච්චි ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.